විනිසුරුවරුන් උපයන විට ගෙවීමේ බද්ධ ගැන   පෙත්සම්  විභාගය  තව දුරටත් දීර්ඝ නොකිරීමට  තීරණයක්.

විනිසුරුවරුන් උපයන විට ගෙවීමේ බද්ධ ගැන පෙත්සම් විභාගය තව දුරටත් දීර්ඝ නොකිරීමට තීරණයක්.

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය තව දුරටත් දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරනය අද නියෝග කලා.

එම අතුරු තහනම් නියෝගය තව දුරටත් දීර්ඝ නොකිරීමට නියෝග කලේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ප්‍රමුඛ පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත බව සදහන්.

කෙසේ වෙතත් අදාළ බදු අය කිරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරු වරුන්ගේ සංගමය සහ කම්කරු විනිශ්ච සභාපති වරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සම් තුනක් විභාගයට ගැනීමට ද මෙහිදී පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කර තිබෙනවා.

ඒ අනුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට නියෝග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල නඩුවට අදාළ විරෝධතා වේ නම් ඒවා එළැබෙන අගෝස්තු මස 31 වන දිනට පෙර ගොනුකරන ලෙස නියෝග කල බව සදහන්.

පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 22 දා සිදු කිරීමට නියමිතයි.

Share This