විදේශ ප්‍රේෂණ වල ඉහළ යෑමක්

විදේශ ප්‍රේෂණ වල ඉහළ යෑමක්

විදේශ ශ‍්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු ආදායම පෙබරවාරි මාසයේදීත් ඇමරිකානු ඩොලර් මිලියන 400 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ශ‍්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ඇමරිකානු ඩොලර් මිලියන 407ක ප්‍රේෂණ පසුගිය මාසයේ දී මෙරටට ලැබී ඇති බවයි.

2022 වසරේ පෙබරවාරි මාසයේ විදෙස් ගත ශ‍්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 205 ක මුදලක් පමණයි.

පසුගිය මාසයේදී විදේශ රැකියා සඳහා පුද්ගලයින් 23,974 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා.

පෙබරවාරි මාසයේදී දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ 7 දහස් 639 ක්.

Share This