විදේශ ඇමති අලි සබ්‍රි අමෙරිකානු ජනපති හමුවෙයි

විදේශ ඇමති අලි සබ්‍රි අමෙරිකානු ජනපති හමුවෙයි

එක්සත් ජාතීන්ගේ 77 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හමුවුණා.

ඒ රාජ්‍ය නායකයන් වෙනුවෙන් අමෙරිකා ජනාධිපතිවරයා සංවිධානය කළ උත්සවයක් අතරතුරයි.

එම අවස්ථාවට ජනාධිපති ආර්යා ජිල් බයිඩන් ද එක්ව බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කලේ.

අනතුරුව විදේශ අමාත්‍යවරයා ඔවුන් දෙදෙනා සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියා.

Share This