
විදුලි කප්පාදුවේ යළි සංශෝධනයක්
හෙට සිට ක්රියාත්මක වන පරිදි යළිත් වරක් විදුලි කප්පාදුව සිදු කරන කාල සීමාව සංශෝධනය කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා.
ඒ අනුව පෙර පරිදි හෙට දිනයේ සිට පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසම ඊයේ නිවේදනය කළේ දෛනික විදුලි කප්පාදුව පැය දෙකකට පමණක් සීමා කරන බවයි.