විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයා සහා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා අද මානව හිමිකම් කොමිසමට.

විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයා සහා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා අද මානව හිමිකම් කොමිසමට.

උසස් පෙළ විභාගය පැවැත්වෙන මෙම කාල සීමාව තුළදී විදුලිය කප්පාදු කිරීම පිළිබද කරුණු දැක්වීම සදහා අද දිනයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට දැනුම්දී තිබෙනවා.

ඒ උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 17 වනදා දක්වා කාලය තුළ විදුලිය විසන්දි කිරීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම්දී තිබියදී ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන්.

ඒ අනුව අද පෙරවරු 10.30ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ පැවැත්වෙන පරීක්ෂණය සදහා සහභාගි වන ලෙසයි ඔවුන්ට දැනුම්දී ඇත්තේ.

එසේම අද දිනයේ සිට දෛනික විදුලි කප්පාදුව යළිත් වරක් පැය 2 යි විනාඩි 20 ක කාලයක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

මේ අතර නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු නෞකා 7 න් 5 ක් මේ වන විට ලබාගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බලාගාරය සදහා ගල් අගුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ ප‍්‍රගතිය සමාලෝචනය කිරීම සහ කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමේ හැකියාව පිළිබඳව සොයා බැලීම සදහා කැදවා තිබූ සාකාවකදීයි.

මේ සදහා ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීන් එක්ව සිටියා.

ඒ අනුව මේ වන විට ගල් අඟුරු නෞකා 10ක් මෙම කාල සීමාව වෙනුවෙන් ලබා ගෙන ඇති අතර සම්පුර්ණ අවශ්‍යතාවය වෙනුවෙන් ගල් අඟුරු නෞකා 33ක් ලබා ගැනීමට නියමිත බවද විදුලිබල අමාත්‍යවරයා කියා සිටියා.

පවතින තත්ත්වය යටතේ ඉදිරි මාස 3 ක කාලය සදහා ගල් අ`ගුරු නෞකා 21 ක් දිවයිනට ගෙන්වාගත යුතු අතර ඊට අවශ්‍ය මුදල් ලබා ගැනීම සදහා මේ වන විට රාජ්‍ය බැංකු වලින් ඉල්ලීම් කර ඇති බවද විදුලිබල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Share This