“වික්‍රම්” චිත්‍රපටයේ සාර්ථකත්වයට උර දුන් සියලු දෙනාට කමල්ගෙන් තෑගි [PHOTOS]

“වික්‍රම්” චිත්‍රපටයේ සාර්ථකත්වයට උර දුන් සියලු දෙනාට කමල්ගෙන් තෑගි [PHOTOS]

කමල් හසන්ගේ නවතම චිත්‍රපටය වන ‘වික්‍රම්’ මේ වනවිට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගනිමින් ප්‍රදර්ශනය වෙනවා කියලා ලංකාවේ ප්‍රේක්ෂක ඔබත් දන්නවා ඇති කියලා හිතනවා.

භාෂා කිහිපයකින් ප්‍රදර්ශනය ආරම්භ කළ මෙම චිත්‍රපටය දකුණු ඉන්දියාවට සමගාමිව ඉන්දියාව පුරාම තිරගත වුණේ පසුගිය ජුනි 03 වැනිදා සිටයි.

ඉන්දීය මුදලින් රුපියල් කෝටි 150 ක් වැය කරලා හදපු මේ චිත්‍රපටය මේ වෙද්දි විතරක් ඉන්දියානු කෝටි 350කට වැඩි ආදායමක් උපයාගෙන තියෙනවා කියලා කිව්වොත් ඔබ පුදුම වේවි…

කොහොම වුනත් මේ විදිහට චිත්‍රපටය ලබපු සාර්ථකත්වය හින්දම කමල් හසන් කියන සොඳුරු චරිතය මේ චිත්‍රපටයට නන් අයුරින් දායක වෙච්ච හැමෝටම ඔහුගේ මුදලින් තෑගී දීලා තියෙනවා..

“වික්‍රම්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු ලෝකේෂ් කනගරාජ්ට අලුත්ම අලුත් මෝටර් රථයක් ලබා දීලා කියලා තමයි ආරංචිය.

චිත්‍රපටය සඳහා සම්බන්ධ වුණු අනෙක් සියලු දෙනාටත් කමල් හසන් යතුරු පැදිය බැගින් තෑගි කරලා තියෙනවා..

කොහොම වුනත් චිත්‍රපටයේ ආරාධිත චරිතයකට පණ දුන් ජනප්‍රිය රංගන ශිල්පී සූර්යාට කමල් දීලා තියෙන්නේ රොලැක්ස් වර්ගයේ ඉතාමත් මිල අධික අත් ඔරලෝසුවක්.

Share This