වැසි වැඩිවෙයි – වාන් දොරටු විවෘතයි

වැසි වැඩිවෙයි – වාන් දොරටු විවෘතයි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරුද සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි ආපධා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

මේ අතර මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාවත් සමඟ නොටන්බ්‍රිජ් – විමලසුරේන්ද්‍ර ජලාශයේ වාන් දොරටු හයක්, මාවුස්සාකැලේ වාන් දොරටු තුනක් විවෘත කර තිබෙනවා.

ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන ජලාශවල වාන් දොරටු දෙක බැගින් සහ කැනියොන් ජලාශයෙන් එක් වාන් දොරටුවක්ද විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තු පැවසුවේ.

Share This