වැඩිම ආසාදිතයින් ගම්පහ  දිස්ත්‍රික්කයෙන්

වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයින් 2, 738 දෙනා අතරින් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම සංඛ්‍යාව 575ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 339ක්, නුවරඑළියෙන් 198ක්, යාපනයෙන් 167ක්, මහනුවරින් 127ක් , කෑගල්ලෙන් 81ක්, මඩකලපුවෙන් 79ක්, බදුල්ලෙන් 73ක්, අනුරාධපුරයෙන් 68ක් මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයෙන් 52ක් ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරට අයත්.

විදේශයන්හි සිට පැමිණි 23න් දෙනෙකුද ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතර වනවා.

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් පිළිබඳ යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පල කලා.

Share This