
වැට් බද්ද 12% දක්වා ඉහළට
එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 8% සිට 12% දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.
කඩිනමින් සහ ආසන්න කාලීනව හඳුන්වාදීමට යෝජිත බදු සංශෝධන පිලිබඳ අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ විශේෂ නිවේදනයකයි මේ බව සඳහන් වන්නේ.
ඒ අනුව විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා වැඩි කිරීමටද යෝජනා කර තිබෙනවා.
එම බදු සංශෝධන වහාම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන පරිදි යෝජිත බදු සංශෝධන ලෙස දක්වා තිබීම ද විශේෂත්වයක්.
වැට් බදු සංශෝධනය පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව ගැසට් නිවේදනය ද නිකුත් කර තිබෙනවා.
