වාහන ආනයනයට විවෘත කළ ණයවර ලිපි අවලංගු කෙරේ.

වාහන ආනයනයට විවෘත කළ ණයවර ලිපි අවලංගු කෙරේ.

සුඛෝපභෝගි වාහන ආනයනය කිරීම සඳහා විවෘත කර තිබූ ණයවර ලිපි සම්බන්ධයෙන් අදාළ මූල්‍ය සමාගම් සමග සාකච්ඡා කොට ඒවා අවලංගු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කලා.

ඒ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

භාණ්ඩාගාරය, බැංකුව සහ නිෂ්පාදකයා යන පාර්ශව තුනම ණයවර ලිපි විවෘත කිරීමේදී එකඟතාවයකට පැමිණෙන බව හෙතෙම සදහන් කලා.

ඒ අනුව මෙම පාර්ශ්ව 3ම එකඟත්වය මත අදාළ ණයවර ලිපි අවලංගු කිරීමට හැකි වු බවයි කෙහෙලිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Share This