වායු දූෂණය අවම කිරීමට ප‍්‍රංශය විසින් ගුවන් ගමන් කිහිපයක් අත්හිටුවයි

වායු දූෂණය අවම කිරීමට ප‍්‍රංශය විසින් ගුවන් ගමන් කිහිපයක් අත්හිටුවයි

වායු දූෂණය අවම කිරීම සඳහා ප‍්‍රංශය විසින් සිය අභ්‍යන්තර ගුවන් ගමන් කිහිපයක් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

සාමාන්‍යයෙන් දුම්රියකින් පිටවන කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණය මෙන් 77 ගුණයක කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණයක් ගුවන් යානයකින් පිටවන බව සඳහන්.

ඒ අනුව ප‍්‍රංශය පැය 2 හමාරක කාලයකින් ගමන් කළ හැකි දුම්රිය පහසුකම් සහිත ප‍්‍රදේශවලට මෙම අභ්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් ප‍්‍රංශයේ අභ්‍යන්තර ගුවන් සේවා සපයන සමාගම් සිය අප‍්‍රසාදය පළ කර ඇති බව සඳහන්.

Share This