
වාද්දූව ඇගළුම් ප‍්‍රදර්ශනාගාරයක ගින්නක්
වාද්දුව මොරොන්තුඩුව පාරේ කන්දඋඩවත්ත ප‍්‍රදේශයේ ඇඟලූම් කර්මාන්ත ශාලාවක ප‍්‍රදර්ශනාගාරයක ගින්නක් හටගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මහල් තුනකින් සමන්විත එහි දෙවන මහලේ ගින්න හටගෙන තුන්වන මහලට සහ පළමු මහළට ගින්න පැතිරී ගොස් ඇති බවයි.
කළුතර නගර සභාවේ ගිනිනිවන රථ දෙකක් යොදා ගින්න පාලනය කිරීමට මේ වන විට කටයුතු කර ඇති බව සඳහන්.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ.