බොරතෙල් මිල ඉහළට.

27

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සියයකට හයකට වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙනවා.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සති අන්තයේදී සටහන් වුයේ ඇමරිකානු ඩොලර් 66 යි ශත 77 ක් ලෙසයි.

 

ඇමරිකානු W T I තෙල් බැරලයක මිල ඩොලර් 63 යි ශත 13ක් ලෙස සටහන් වුණා.

කොරෝනා වෛරසයේ නව රැල්ලෙන් ලෝක ආර්ථිකයට සිදුවන බලපෑම අභිබවා චීනයේ ආර්ථිකය ශක්තිමත් ලෙස වර්ධනය වීම සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් රුසියාවට පැනවූ සම්බාධක මෙලෙස තෙල් මිල ඉහළ යාමට බලපා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ගතවූ සති අන්තයේදී තෙල් මිල සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කලා.

Your Comments