ව්‍යාජ තොරතුරක් නිසා එළවළු ගොවීන් දැඩි අපහසුතාවක

ව්‍යාජ තොරතුරක් නිසා එළවළු ගොවීන් දැඩි අපහසුතාවක

කොරෝනා වසංගත අවදානම හේතුවෙන් හුදකලා කර ඇති දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය විවෘත කරන බවට ලද තොරතුරක් මත ගොවීන් විශාල පිරිසක් එළවලු‍ අලෙවි කිරීම සදහා පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් එය විවෘත නොකිරීම හමුවේ දැඩි අපහසුතාවයකට පත්වු බවයි ගොවීන් සඳහන් කළේ.

සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය රජයෙන් ඉල්ලිමක් කළේ දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය වසා ඇති කාළසීමාව තුළ ගොවීන්ගේ එළවළු අලෙවි කිරීම සදහා නිසි යාන්ත්‍රණයක් සකස් කරන ලෙසයි.

මෙම ගැටලු‍වට නිසි විසදුමක් නොලැබුනහොත් එළවළු මිළ ඉහල යා හැකි බව එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පෙන්වා දෙනවා.

Share This