
වසර 50 ක් තුල ස්වාභාවික උපද්‍රවවලින් 12,000 ක් මරුට
කාලගුණය, දේශගුණය සහ ජලය ආශ‍්‍රිත උපද්‍රව හේතුවෙන් ගත වූ වසර 50 තුල 12,000 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ට අනුබද්ධ ලෝක කාලගුණ සංවිධානය ප‍්‍රකාශ කළා.
ඔවුන් කියා සිටියේ මෙම තත්ත්වය හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට සියයට 60 කට වැඩි ආර්ථික බලපෑමක් එල්ලවී ඇති බවයි.
එමෙන් ම එම රටවල සිදුවූ මරණ 10 කින් 9 ක්ම කාලගුණ හෝ දේශගුණ බලපෑම් හේතුවෙන් සිදුව ඇති බවද ලෝක කාලගුණ සංවිධානය නිකුත් කළ වාර්තාවේ සඳහන්.