වසර 30 කට පසු බි‍්‍රතාන්‍යයේ විශාලතම දුම්රිය වැඩවර්ජනයක්

වසර 30 කට පසු බි‍්‍රතාන්‍යයේ විශාලතම දුම්රිය වැඩවර්ජනයක්

වසර 30 කට පසු බි‍්‍රතාන්‍යයේ විශාලතම දුම්රිය වැඩ වර්ජනයක් සංවිධාන කර තිබෙනවා.

එය දෙවන දිනටත් අද කි‍්‍රයාත්මක බවයි එරට වෘත්තීය සමිති සඳහන් කලේ.

වැඩ වර්ජනයේ පළමු දිනය වූ පසුගිය අඟහරුවාදා දුම්රිය සේවකයන් හතලිස් දහසක් පමණ සේවයෙන් ඉවත්ව සිටි බවයි වාර්තා වූයේ.

වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය අනිද්දා දිනයේදීත් කි‍්‍රයාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

බි‍්‍රතාන්‍යයේ උද්ධමනය 10% කින් පමණ ඉහළ යාම හමුවේ ගුරුවරුන්, වෛද්‍යවරුන් ඇතුඵ ක්ෂේත‍්‍ර ගණනාවක්ද වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයකට එළඹීම හමුවේ දුම්රිය සේවකයන් ද වැඩ වර්ජනයකට යොමුව තිබෙනවා.

අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳහන් කලේ වැඩවර්ජන කි‍්‍රයාවලිය වැරදි සහගත පෙළඹවීමක් බවයි.

Share This