
වසර 10 කට පසු කොටස් වෙළඳපොළ ඉහළම විදේශ ආයෝජන වාර්තා කරයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ ශුද්ධ විදේශීය ආයෝජන ප‍්‍රමාණය මෙම වසරේදී රුපියල් බිලියන 24.06 ක් ලෙස වාර්තා වී තිබෙනවා.
එය වසර දහයකට පසු කොළඹ කොටස් වෙළඳපොලේ ශුද්ධ විදේශීය ආයෝජන වාර්තා කළ ඉහළම අගයයි.
මීට පෙර කොටස් වෙළඳපොලේ වැඩිම විදේශ ශුද්ධ ආයෝජන ප‍්‍රමාණයක් වාර්තා වූයේ 2013 වසරේදී වන අතර එය රුපියල් බිලියන 22.07 ක් ලෙස සටහන්ව තිබුණා.
කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසය තුළ වැඩිම විදේශ ශුද්ධ ආයෝජන ප‍්‍රමාණයක් වාර්තා කළ වසර ලෙස සැළකෙන්නේ 2012 වසරයි.
එහිදී රුපියල් බිලියන 38.6 ක විදේශ ශුද්ධ ආයෝජන ප‍්‍රමාණයක් කොටස් වෙළඳපොළට ලැබී තිබුණා.