
වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්
රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අද අවසන් වනවා.
නිවේදනයක් නිකූත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ පළමු පාසල් වාරයේ තෙවැනි අදියර ජූනි මස 12 වැනි සඳුදා ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි.
මැයි මස 29 වැනිදා සිට ජුනි මස 08 වැනිදා දක්වා 2022 වර්ෂයට අදාළ අධ්‍යන පොදු සහතික පත‍්‍ර සමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් මෙලෙස නිවාඩු ලබා දිම සිදු වනවා.