
වසන්ත මුදලිගේට වරෙන්තු.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ට වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
පොලීසිය පැවරූ නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තුව නිකුත් කර ඇති බව සඳහන්.
පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන්ට ද වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
2021 වසරේ නීති විරෝධී රැස්වීමක් සංවිධාන කර අනවශ්‍ය බාධා සිදුකළ බවටයි පොලීසිය විසින් නඩු පවරා ඇත්තේ.