වර්ජනය හේතුවෙන් අද පස්වරුවේ සීමිත දුම්රිය සංඛ්‍යාවක් ධාවනයට

වර්ජනය හේතුවෙන් අද පස්වරුවේ සීමිත දුම්රිය සංඛ්‍යාවක් ධාවනයට

දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් අද පස්වරුවේ දුම්රිය 9ක් පමණක් ධාවනය කිරීමට සැළසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ප‍්‍රධාන සහ උතුරු මාර්ගයේ දුම්රිය 4ක්, මුහුදුබඩ සහ පුත්තලම මාර්ගවල දුම්රිය 2ක බැගින් සහ කැලණිවැලි මාර්ගයේ දුම්රියක් එලෙස ධාවනය කෙරෙනු ඇති.

පස්වරු 5 යි 10ට මහනුවර, පස්වරු 4 යි 40ට ගනේවත්ත සහ පස්වරු 6 ට මහව දක්වා අදාල දුම්රිය පිටත්වීමට නියමිතයි.

මුහුදුබඩ මාර්ගයේ මරදානේ සිට පස්වරු 5 ට බෙලිඅත්ත දක්වා සාගරිකා සීඝ‍්‍රගාමී දුම්රිය සහ පස්වරු 5 යි 25ට ගාල්ල දක්වා දුම්රියක් ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

මීට අමතරව, පුත්තලම මාර්ගයේ කොළඹ කොටුවේ සිට පස්වරු 4 යි 30ට සහ 5 යි 30ට හලාවත දක්වා ද කැලණිවැලි මාර්ගයේ පස්වරු 5 ට අවිස්සාවේල්ල දක්වා ද, දුම්රිය ධාවනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර දැනට ක‍්‍රියාත්මක වර්ජනය හෙට තාවකාලිකව අවසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එම සංගමය කියා සිටියේ හෙට පෙරවරු 8 ට වර්ජනය තාවකාලිකව අවසන් කරන බවයි.

Share This