
වර්ජනයේ නිරත සරසවි ඇදුරන්ට ජනපති ලේකම්ගෙන් සාකච්ඡාවක්
වර්ජනයේ නිරත සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති නියෝජිතයින් සහ ජනාධිපති ලේකම්වරයා අතර පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.
මේ අතර වර්ජන ක‍්‍රියාමාර්ග හේතුවෙන් අද වන විට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම බිඳ වැටී ඇති බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිතිසම්මේලනය පෙන්වා දෙන්නේ.
විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලින් බැහැරව ආචාර්යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනයට අදට සතියක කාලයක් සපිරෙනවා.
කෙසේ වෙතත්, ජනාධිපතිලේකම්වරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක‍්‍රියාමාර්ග තීරණය කරන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සදහන් කළේ.