
වනිඳු හසරංග USA T20 තරගාවලියට
ජූලි මස මැද භාගයේදී ආරම්භ වීමට නියමිත USA T20 තරගාවලියට මෙරට ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග තෝරාගෙන තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන මෙම T20 තරගාවලියට කණ්ඩායම් හයක් තරගවදින අතර තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග NSW කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති.
ආරොන් ෆින්ච්, මාකස් ස්ටොයිනිස් සහ මිච් මාෂ් යන ක්‍රීඩකයින් මෙම ලීග් ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කරන අනෙකුත් ප්‍රමුඛතම ක්‍රීඩකයින්.
තරගාවලිය ජූලි 13 වන දින ආරම්භ වන අතර දින 18ක් පුරා තරඟ 19ක් ක්‍රීඩා කෙරේ.
අවසන් මහා තරගය ජූලි 30 වැනිදා පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මේ වන විට ඇමරිකාවේ පදිංචිව සිටින ෂෙනාන් ජයසූරිය, ලහිරු මිලන්ත සහ ඇන්ජලෝ පෙරේරා යන ක්‍රීඩකයින් ද තරගාවලියට සහභාගී වීමට නියමිතයි.