වනිඳු හසරංග ICC යේ 2022- T20 ක්‍රිකට් කණ්ඩායමට[PHOTOS]

වනිඳු හසරංග ICC යේ 2022- T20 ක්‍රිකට් කණ්ඩායමට[PHOTOS]

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 2022 වසර සඳහා නම් කළ පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ඇතුළත්ව තිබෙනවා.

2022 වසරේ පන්දුවාර 20යි 20 පිටියේදී දැක්වූ දක්ෂතා මතයි මෙම තේරීම සිදු කර ඇත්තේ.

කණ්ඩායම් නායක තනතුර එංගලන්තයේ ජොස් බට්ලර්ට හිමිව තිබෙනවා.

වනිඳු හසරංග 2022 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් 20යි 20 පිටියේදී තරග 55කදී කඩුලු 89ක් දවාගෙන ඇති අතර මැදපෙළ පිතිකරුවෙකු ලෙස ලකුණු 503 රැස් කරගෙන සිටිනවා.

Share This