වනජීවි නිලධාරීන් වර්ජනයකට සැරසෙයි

වනජීවි නිලධාරීන් වර්ජනයකට සැරසෙයි

තම නිලධාරීන්ට කොරෝනා මර්දන එන්නත්කරණය සිදු නොකරන්නේ නම් වහාම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව වනජීවී නිලධාරීන් පවසනවා .

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා මේ බව සඳහන් කළා.

ඔවුන් පෙන්වා දෙන්නේ රජය විසින් ගෙන්වනු ලබන විදේශිකයන්ගේ මාර්ගෝපදේශ ක්‍රියාවලිය හමුවේද වනජීවී නිලධාරීන් දැඩි අවදානම් තත්වයකට මුහුණ දී සිටින බවයි.

Share This