
වට්ස්ඇප් භාවිතා කරන්නන්ට අළුත් ආරංචියක්
වට්ස්ඇප් මෘදුකාංගය හරහා තවත් නව පහසුකමක් පරිශීලකයින් වෙත ලබාදීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිසියම් පුද්ගලයෙකුට යැවූ පණිවිඩයක් විනාඩි 15ක් ඇතුළත නැවත Edit කර යැවීමේ හැකියාව ඇති බවයි වාර්තා වන්නේ.
පරිශීලකයින් විසින් සිදුකරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමුකර නව පහසුකම ලබා දී ඇති අතර ඉදිරි සති දෙක තුළ දී වට්ස්ඇප් මෘදුකාංගය භාවිත කරනු ලබන පරිශීලකයින් වෙත එම පහසුකම ලැබෙනු ඇති බවයි වාර්තා වී තිබෙන්නේ.
වට්ස්ඇප් හි මෙම නව පහසුකම පිළිබඳ Mark Zuckerberg විසින් තම Facebook ගිණුමෙහි සටහනක් ද තබා තිබෙනවා.