ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහලට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහලට

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 67 යි ශත 90 ක් ලෙසයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 74 යි ශත 5 ක් දක්වා පහත වැටී තිබෙනවා.

රුසියානු යුක්රේන ගැටුම හමුවේ ඉහළ ගිය බොරතෙල් මිල ගණන් මෙවැනි අගයකින් පහත වැටී ඇත්තේ 2021 වසරෙන් පසුවයි.

එම කාලය තුල බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා.

Share This