ලෝක මල්ලවපොර ශූරතාවලිය  ඔස්ලෝ නුවරදී.

ලෝක මල්ලවපොර ශූරතාවලිය ඔස්ලෝ නුවරදී.

නොර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී ලබන ඔක්තෝබර් 2 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවත්වෙන 17 වැනි ලෝක මල්ලවපොර ශූරතාවලිය සඳහා ක්‍රීඩකයින් පස්දෙනකු සහ ක්‍රීඩිකාවක් සහභාගි වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා කියා සිටියේ එම කණ්ඩායම මෙම මස 29 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි.

මෙම කණ්ඩායමට නියමිත සුදුසුකම් ලබා තේරී සිටින්නේ ක්‍රීඩකයින් සිව් දෙනෙක් වන අතර සෙසු ක්‍රීඩකයන් ලංකාවට හිමි පංගු ක්‍රමය යටතේ තරගාවලියට එක්ව වන බව සඳහන්.

මල්ලවපොර ලෝක ශූරතාවලිය කාන්තා හා පිරිමි ඉසව් 20 කින් සමන්විතයි.

Share This