
ලෝක බැංකුව කෘෂි ක්ෂේත‍්‍රයට ලබා දෙන ආධාර මාස 18 කින් දීර්ඝ කෙරේ
මෙරට කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට නව තාක්‍ෂණය හඳුන්වාදීම සඳහා ක‍්‍රියාත්මක කෘෂිකාර්මික අංශය නවීකරණ ව්‍යාපෘතිය සඳහා වන ආධාර තවත් මාස 18 කින් දීර්ඝ කිරීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබෙනවා.
පසුගියදා මෙරටට පැමිණි ලෝක බැංකු නියෝජිත කණ්ඩායමේ සමාජිකයින් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ ව්‍යාපෘතිය පිළිබඳ පැවති සාකච්ඡාවේදියී මෙම එකගත්වයට පැමිණ ඇත්තේ.
ව්‍යාපෘතිය මේ වන විට විශාල කාර්යභාරයක් ඉටු කරන බැවින් එය අඛණ්ඩව සිදු කරගෙන යන ලෙස අමාත්‍යවරයා ලෝක බැංකු නියෝජිත පිරිසෙන් ඉල්ලිමක්ද කළා.
ඒ අනුව මෙම වසරේ මැයි මාසයේ සිට තවත් මාස 18 ක කාලයක් මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට ඩොලර් මිලියන 30 ක මුදලක් ලබාදීමට ලෝක බැංකු නියෝජිත පිරිස එකඟ වී ඇති බව සදහන්.