ලෝක ටෙස්ට් ශූරතාවලියට තරගවැදුණු හොදම ක්‍රීඩකයින් 11 දෙනා අතරට දිමුත් කරුණාරත්න හා දිනේශ් චන්දිමාල්

ලෝක ටෙස්ට් ශූරතාවලියට තරගවැදුණු හොදම ක්‍රීඩකයින් 11 දෙනා අතරට දිමුත් කරුණාරත්න හා දිනේශ් චන්දිමාල්

ලොව ප‍්‍රකට ක්‍රීඩා සගරාවක් වන විස්ඩම් සගරාව විසින් ලෝක ටෙස්ට් ශූරතාවලියට තරගවැදුණු හොදම ක්‍රීඩකයින් 11 දෙනාගෙන් සමන්විත ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුද ඇතුළත් කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීකට් නායක දිමුත් කරුණාරත්න හා දිනේශ් චන්දිමාල් යන ක්‍රීඩකයින්.

මීට අමතරව ඕස්ට්‍රේලියාවෙන් උස්මාන් කවාජා, මානස් ලබුස්චේන්ජ්, පැට් කමින්ස් සහ නේදන් ලයන් යන ක්‍රීඩකයින් තෝරාගෙන තිබෙනවා.

ඉන්දීය ක්‍රීඩකයින් ලෙස විස්ඩන් සගරාව නම්කර ඇත්තේ රිෂාබ් පාන්ට්, රවින්ද්‍ර ජඬේජා සහ ජස්පිට් බුම්රායි.

මීට අමතරව එංගලන්තයේ ජොනී බෙයාස්ටෝ සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩක කගිසෝ රබාඩා ද මෙම ටෙස්ට් කණ්ඩායමට ඇතුළත්.

2021-2023 ලෝක ටෙස්ට් ශූරතාවයේ දෙවන වටයේ තරග සියල්ල අවසන් වී ඇති අතර, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් මහා තරඟය ජුනි 7 වනදා ආරම්භ වීමට නියමිතයි

Share This