ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානයට

ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එලඹෙන ඔක්තෝබර් මාසයේ දී ඕමානයේ තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරග සංචාරය වැදගත් වන බවයි.

එහිදී දෙරට අතර විස්සයි විස්ස තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර ඒ ඔක්තෝබර් 7 වනදා සහ 9 වනදායි.

සියලු තරග පැවැත්වෙන්නේ අම්රාට් හිදී.

ඕමානය මෑත කාලීනව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක්වූ නවක කණ්ඩායමක් වන අතර එහි ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රවීන ටෙස්ට් ක්‍රීඩකයෙකු වන දුලිප් මෙන්ඩිස් මහතා කටයුතු කරනවා.

TAGS
Share This