ලෝක කුසලානයක අපේක්ෂාවෙන් ප්‍රබල සංචිතයක්

ලෝක කුසලානයක අපේක්ෂාවෙන් ප්‍රබල සංචිතයක්

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රබල ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත ශක්තිමත් සංචිතයක් නම් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

දණහිසක ආබාධය හේතුවෙන් ශල්‍යකර්මයකට ලක් කර සිටි ආරෝන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ඊට මෑතකදී නිමා වූ කොදෙව් හා බංග්ලාදේශ සංචාරයට ක්‍රීඩා නොකළ ග්ලේන් මැක්ස්වෙල්, ස්ටීවන් ස්මිත්, පැට් කමින්ස්, ඩේවිඩ් වෝනර්, මර්කස් ස්ටොයිනිස් හා කේන් රිචර්ඩ්සන් යන ක්‍රීඩකයින් කැඳවා තිබෙනවා.

කෙසේ වෙතත් නිමා වූ කොදෙව් එක්දින තරගාවලියේ දී කණ්ඩායම මෙහෙය වූ ඇලෙක්ස් කෙරීට සංචිතයේ ස්ථානය අහිමි වී තිබීම කැපී පෙනෙනවා.

මෙතෙක් කිසිදු 20යි 20 ලෝක කුසලානයක් ජය ගෙන නොමැති ඕස්ට්‍රේලියාව මෙවර ලෝක කුසලානයේ දී සුපිරි 12 වටයේ සිට තරග වදින අතර, ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 23 වනදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

TAGS
Share This