ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩකයා වරද පිලිගනියි

ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩකයා වරද පිලිගනියි

ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් තමා ඕස්ට්‍රේලියාවට ඇතුලුවීමට පෙර අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බවට පිළිගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවෘත ටෙනිස් ශූරතා තරඟාවලියට සහභාගීවීම සඳහා එරටට පැමිණීමට අවශ්‍ය ලිපි ලේඛන සකස් කිරීමේදී අසත්‍ය තොරතුරු සැපයූ බවට මෙම සුපිරි ටෙනිස් ක්‍රීඩකයාට චෝදනා එල්ලවී තිබුනා.

ඒ ඕස්ට්‍රේලියාවට පැමිණීමට පෙර දින 14ක් ඇතුළත කිසිදු රටක සංචාරය නොකළ බවට තොරතුරු ඇතුළත් කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු බලධාරීන් සිදු කළ තොරතුරු සොයා බැලීමේදී අනාවරණ වූයේ පසුගිය 06 වෙනිදා ඔහු ඕස්ට්‍රේලියාවට පැමිණීමට පෙර සර්බියාවේ සහ ස්පාඤ් ඤයේ සංචාරයක නිරත වී ඇති බවටයි

මේ හේතුවෙන් ඔහුගේ වීසා අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කිරීමටි ඕස්ට්‍රේලියානු බලධාරීන් පියවර ගෙන තිබුනා

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිය නිල ට්විටර් ගිනුමේ සටහනක් තැබූ මෙම සුපිරි ටෙනිස් ක්‍රීඩකයා ප්‍රකාශ කළේ අයදුම් පත්‍ර පිරවීමේදී සිය සේවාදායකයා විසින් කිසියම් අසත්‍ය තොරතුරක් ඇතුළත් කර ඇති බවයි.

Share This