ලොව වයස්ගතම සුනඛයා ”බොබී ” [Photos & Videos]

ලොව වයස්ගතම සුනඛයා ”බොබී ” [Photos & Videos]

ලොව වයස්ගතම සුනඛයා ලෙස ”බොබී” නමැති පෘතුගීසි සුනඛයෙකු කිරුළු පළඳින්නට සමත් වී තිබෙනවා.

වයසින් අවුරුදු 30ක් වන මෙම සුනඛයා පසුගියදා ඇමෙරිකාවේ පැවති ගිනස් වාර්තා පිහිටුවීමේ තරගයකදි එම ශූරතාව දිනාගා.

”බොබී”ගේ හිමිකරු වන කොස්තා විදෙස් මාධ්‍ය වෙත සිය සුනඛයාගේ ගිනස් වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ බොබී ඉපදුණේ වර්ෂ 1992 මැයි 11 වැනිදින බවයි.

තමන්ට සිටි පිරිමි බලු පැටවුන්ගෙන් එක් අයෙකු වෙන ”බොබී” තමන් වෙත සිය පියා කුඩා අවධියේ දී තිළිණ කරන විට දී තමන්ට වයසින් අවුරුදු 08ක් පමණක් බවයි කොස්තා වැඩිදුරටත් කියා සිටියේ.

කොස්තාගේ පියා දඩයක්කරුවෙකු වීම නිසා නිවසෙහි නිරන්තරයෙන් සුනඛයින් ඇති කිරීමට පුරුදු වී සිටිම හේතුවෙන් බොබීව ඔහුු හමුවීම ප්‍රධානතම හේතුව බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙනවා.

මීට පෙර ලොව පැරණිතම නැතහොත් වයස්ගතම සුනඛයා ලෙසින් ගිනස් වාර්තා අතර සිටියේ වයස අවුරුදු 23යි දින 07ක් වන ස්පයික් වර්ගයේ සුනඛයෙක්.

2022 දෙසැම්බර් 07 වනවිටයි.

බොබීගේ ජීව්තයේ සෑම අවධියක් ම මධ්‍යම පෘතුගාලයේ ලෙයිරියා දිස්ත්‍රික්කයේ කොන්කීරෝස් නමැති ග්‍රාමයේ කොස්තා පවුල සමග ජීවත් ව ඇති බව ද වාර්තා වනවා.

බොබී යනු සම්පූර්ණයෙන් ම Rafeiro do Alentejo නමැති පෘතුගීසී පශු සම්පත් ආරක්ෂක සුනඛයෙක් බව ද එරට පශු වෛද්‍යවරුන් සනාථ කරනවා.

එමගින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මෙම සත්ත්වයා මුහුන් නොවුණු සුනඛයෙක් බවයි .

මෙම සුනඛයින්ගේ අභිජනන කටයුතු පළමුවරට සිදුව ඇත්තේ දකුණු පෘතුගාලයේ ඇලන්ටෙජෝ නමැති ප්‍රදේශයෙන් වන අතර, සාමාන්‍යයෙන් මෙවැනි වර්ගයේ සුනඛයින්ගේ ආයු කාලය රඳා පවතින්නේ අවුරුදු 12-14ත් අතර කාලයක් පමණි.

පශු වෛද්‍ය විද්‍යාවට අනුව එය එසේ වුව ද , බොබී ලොව සිටින වයස්ගතම බල්ලා යන ගිනස් වාර්තාව තබනුයේ සිය වර්ගයාගේ ආයු කාලයට විශාල අභියෝගයක් ද එක් කරමින්.

Oldest Living Dog in the World - WATCH VIRAL VIDEO
Share This