
ලොව වයස්ගතම නොබෙල් සම්මාන ලාභියා දිවි ගමනට සමුදෙයි
ජෝන් ගුඩ්ඉනෆ් නම් ලොව වයස්ගතම නොබෙල් සම්මාන ලාභියා සිය දිවි ගමන නිමා කොට තිබෙනවා.
මිය යන විට 100 හැවිරිදි වියේ පසු වූ ඔහු ලොව කීර්තිමත් විද්‍යාඥයෙකු ලෙස සඳහන් වනවා.
ගුඩ්ඉනෆ් ගේ සංකල්පයක් අනුව නිර්මාණය කෙරුණ විදුලියෙන් ක්‍රියාත්මක වන රථවාහනවලට යොදන ලිතියම් අයන් කෝෂය සඳහා 2019 වසරේදී රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයෙන් ඔහු පිදුම් ලැබුවා.
නොබෙල් ත්‍යාගය දිනා ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 97ක් වූ අතර එම සම්මානයට පාත්‍ර වූ ලොව වයස්ගතම පුද්ගලයාද ඔහු වනවා.

