![ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර ලැයිස්තුවක් එළිදැක්වෙයි[PHOTOS] ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර ලැයිස්තුවක් එළිදැක්වෙයි[PHOTOS]](https://news24.lk/wp-content/uploads/2023/06/01Thumbnail-7-3.jpg)
ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර ලැයිස්තුවක් එළිදැක්වෙයි[PHOTOS]
2023 වසරේ ලොව ජීවත් වීමට සුදුසුම නගර ලැයිස්තුවක් ප්‍රකශයට පත් කර තිබෙනවා.
ඒ “The Economist” පුවත්පත විසිනුයි.
එයට අනුව ලොව ජීවත් වීමට වඩාත්ම සුදුසු නගර ලැයිතුවේ අංක ස්ථානයේ ඇත්තේ ඔස්ට්‍රියාවේ වියානා නුවරයි.
එහි දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙළින් ඩෙන්මාර්කයේ කොපන්හේර්ගන් නගරය සහ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය නම්කර තිබෙනවා.
මෙම වාර්තාව සැකසීමේදී සෞඛ්‍ය, අධ්‍යාපනය, ස්ථායිතාවය, යටිතල පහසුකම් සහ පරිසරය යන කරුණු අදාළ ශ්‍රේණිගත කිරීම සඳහා යොදාගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
මෙම වාර්තාව සඳහා ලොව නගර 173ක් විවිධ කරුණු මත ශ්‍රේණිගත කර තිබෙනවා.
ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර අතර මුල් ස්ථාන 10 ලබා ගෙන ඇති නගර ලැයිස්තුව පහළින්,
- වියානා – ඔස්ට්‍රියාව
- කෝපන්හේගන් – ඩෙන්මාර්කය
- මෙල්බර්න් – ඔස්ට්‍රේලියාව
- සිඩ්නි – ඔස්ට්‍රේලියාව
- වැන්කුවර් – කැනඩාව
- සුරික් – ස්විස්ටර්ලන්තය
- කැල්ගරි – කැනඩාව
- ජිනීවා – ස්විස්ටර්ලන්තය
- ටොරොන්ටෝ – කැනඩාව
- ඔසාකා – ජපානය




