![ලොරියක් ප්‍රපාතයකට පෙරලෙයි [PHOTOS] ලොරියක් ප්‍රපාතයකට පෙරලෙයි [PHOTOS]](https://news24.lk/wp-content/uploads/2022/09/lorry.jpg)
ලොරියක් ප්‍රපාතයකට පෙරලෙයි [PHOTOS]
කඩුවෙල සිට හැටන් දක්වා සිසිල් බීම ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15 ක් පමණ තේ වත්තක ප්‍රපාතයකට පෙරලී තිබෙනවා.
ගිනිගත්හේන පොලිසිය සඳහන් කලේ සිද්ධියෙන් අදාළ ලොරි රථයේ රියදුරු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි.
අද අලුයම 5.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ කොළඹ – ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ කැරොලයිනා වත්ත ප්‍රදේශයේදියී.
ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් ලොරි රථය රියදුරුගේ පාලනයෙන් මිදී එය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සිදු කළ වැඩිදුර පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා.




