ලිස්ටීරියා සොයා සිරිපා අඩවියේ පරීක්ෂණ

ලිස්ටීරියා සොයා සිරිපා අඩවියේ පරීක්ෂණ

ලිස්ටීරියා බැක්ටීරියාව ආසාදනය වූ බවට සැකකෙරෙන 15 හැවිරිදි පාසල් සිසුවෙකු බදුල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන බව එම රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි පාලිත රාජපක්ෂ මහතා පවසනවා.

ශ‍්‍රී පාද වන්දනාවේ නිරත ඇතැම් පිරිස් අතර ඇති වන රෝගී තත්ත්වක් සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල වාර්තා පළ වුණා.

එම වාර්තාවල දැක්වුණේ මේ මස මුල් සතියේ ශ‍්‍රීපාද වන්දනාවේ ගිය පුද්ගලයන්ට වමනය, හිසරදය, උණ හෝ ශ්වසන අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවිය යුතු බවටයි.

අදාළ තොරතුරුවල සත්‍යය අසත්‍යතාව පිළිබඳ අදහස් පළකරමින් සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේ මෙය ලිස්ටීරියා නම් බැක්ටීරියා ආසාදන තත්ත්වයක් බවට හදුනාගෙන ඇති අතර එක් මරණයක් වාර්තා වී ඇති බවයි.

මේ අතර ශ‍්‍රී පාද හැටන් මාර්ගයේ සහ පලාබද්දල මාර්ගයේ පිහිටි අලෙවිසැල් සහ ආපනශාලා පරීක්ෂා කිරීමට සහ එහි ආහාර ද්‍රව්‍යවල සාම්පල ලබා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඊයේ කටයුතු කර තිබුණා.

Share This