
ලාෆ්ස් ගෑස් මිල ඉහළට
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 5,280ක් බවයි එම සමාගම නිවේදනයන් කර තිබෙන්නේ.
තවද කිලෝ ග්‍රෑම් 5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 2,112ක් ලෙස සටහන් වනවා.
කිලෝ ග්‍රෑම් 2ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 845ක්.