ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමු ගනී.

ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමු ගනී.

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු මීට පෙර ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර පිටියෙන් සමු ගෙන තිබූ නමුත් මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර පිටියට සමු දී තිබුණේ නැහැ.

ඒ අනුව මාලිංග ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

ඒ බව ඔහු අද පස්වරුවේ සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් නිවේදනය කළා.

එහි දැක්වෙන්නේ,

”වසර 17ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මම ලබාගත් දැනුම, අත්දැකීම් තවදුරටත් මට ක්‍රිකට් පිටියක් තුළ අවශ්‍යය වෙන එකක් නෑ..”

”මොකද.. මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි වුණ අවසන් පුරුක, T20 ක්‍රිකට්වලටත් සමුදීමට මම අද තීරණය කළා.”

”ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න, ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න මහන්සිවෙන අපේ නවක ක්‍රීඩකයන්ට වගේම ක්‍රිකට්වලට ආදරය කරන ඔයාලා එක්ක මම හැමදාමත් ඉන්නවා.”

”තෙරුවන් සරණයි ”

“w w w w w o මේ වගේ over එකක් කවදා හරි දවසක දාන්නෙත් අපේම කොල්ලෙක් තමයි! ”

ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු ලෙස ලසිත් මාලිංග සැලකෙන අතර ලෝක කුසලාන තරගාවලියන්හී දී කඩුලු ත්‍රිත්වයන් දෙකක් දවා ගෙන ඇති එකම පන්දු යවන්නා ලෙස ද මාලිංග ඉතිහාසගත වී තිබෙනවා.

Share This