ලයනල් මෙසී ප‍්‍රමුඛ ආජන්ටිනාවට, අනපේක්ෂිත පරාජයක්

ලයනල් මෙසී ප‍්‍රමුඛ ආජන්ටිනාවට, අනපේක්ෂිත පරාජයක්

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් උණුසුම් තරගයක් සෞදි අරාබිය සහ ආර්ජන්ටිනාව අතර අද පැවැත්වුණා.

එහිදී ගෝල දෙකට එකක් ලෙස තියුණු ජයක් ලබාගැනීමට සෞදි අරාබි කණ්ඩායම සමත් වුණා.

තරගයේ 10 වන මිනිත්තුවේදී ලයනල් මෙසී දඬුවම් පහරක් සාර්ථක කරගැනීමෙන් අනතුරුව ආර්ජන්ටිනා කණ්ඩායම ප‍්‍රථම ගෝලය ලබාගත්තා.

කෙසේ වෙතත් තරගයේ 48 වන මිනිත්තුවේදී නැවතත් තරගය උණුසුම් කරමින් සෞදි අරාබිය වෙනුවෙන් සාලේ අල්ශෙහාරි ප‍්‍රථම ගෝලය වාර්තා කළා.

අනතුරුව ක‍්‍රියාත්මක වූ සෞදි ක්‍රීඩක සලීම් අල්දවසාරි තරගයේ 53 වන මිනිත්තුවේදී තවත් ගෝලයක් වාර්තා කිරීමට සමත්වීමත් සමඟ තරගයේ ජය ඔවුන්ට හිමි වුණා.

Share This