ගුවන් ගමන් සංචරණ ගාස්තු සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

ගුවන් ගමන් සංචරණ ගාස්තු සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අය කරන ගුවන් ගමන් සංචරණ ගාස්තු සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිම් වූ බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡුාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ ඇති වනාන්තර සම්බන්ධව පවතින ගැටළු නිරාකරණය සඳහා වැඩසටහනක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

Share This