
ලබන වසරේ සිට සෑම පුරවැසියෙකුටම ඩිජිටල් හැඳුනුම්පතක්
වයස අවුරුදු 15ට වැඩි සෑම පුරවැසියෙකුටම ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීමේ වැඩසටහන ලබන වසරේ සිට ක‍්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප‍්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අයවැය කාරක සභා අවස්ථා විවාදයේ ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට එක්වෙමින්.
මෙම ව්‍යාපෘතිය හරහා, රජයේ සේවා ගණනාවක් කාර්යක්ෂම වන අතර උප්පැන්න සහතිකය, විදෙස් ගමන් බලපත‍්‍රය සහ රියදුරු බලපත‍්‍රය මේ හරහා ඩිජිටල්කරණය වනු ඇති.