ලබන මාසයේ බස් ගාස්තු සංශෝධනය වන ලකුණු

ලබන මාසයේ බස් ගාස්තු සංශෝධනය වන ලකුණු

ජූලි මාසයේ සිදුකෙරෙන බස් ගාස්තු සමාලෝචනයේදී සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ඉකුත් මාසයේ ඩීසල් මිල රුපියල් 15 කින් අඩුවීමක් සිදුවූ අතර එහි වාසිය ජනතාවට ලබාදීමේ අරමුණින් ජූලි මස 01 වැනිදා සිදුකරන බස්ගාස්තු සමාලෝචනයේදී එහි වාසිය ලබාදීමට රජයට බලකරන බවයි.

මේ සඳහා භාණ්ඩවල මිල ගණනය කිරීම්, අමතර කොටස්වල මිල සහ අනෙකුත් උපාංග මිල ගණන් ගණනය කර ගාස්තු සංශෝධනය සිදු කිරිමට නියමිත බව සදහන්.

Share This