
ලකුණු 200 ඉලක්කය නොදැවී සපුරා ගත් බාබර් සහ රිස්වාන්
පන්දුවාර විස්සයි ක්‍රිකට් තරඟයක දී පළමු කඩුල්ල සඳහා ලෝක වාර්තාවක් පිහිටුවීමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ, සංචාරක එංගලන්තය සමඟ කරච්චි නුවර පැවති දෙවන T20 තරඟයේ දී ආරම්භක පිතිකරුවන් වූ නායක බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් ලකුණු 203 ක සබඳතාවක් සමඟින් තරඟයේ ජය තහවුරු කරගැනීමත් සමඟින්.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය පන්දු වාර විස්ස අවසානයේ කඩුළු පහක් දැවී ලකුණු 199 ක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ පාකිස්ථානය පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේ සිය ජයග‍්‍රාහී සීමාව පසු කළා.
නායක බාබර් අසාම් පන්දු 66 කදී ලකුණු 110 ක් වාර්තා කළ අතර, මොහොමඩ් රිස්වාන් පන්දු 51 ක දී ලකුණු 88 ක් රැස් කළා.
මෙම ලෝක වාර්තාව මඟින් බිඳ හෙලනු ලැබුවේ, පසුගිය වසරේ මෙම ක‍්‍රීඩකයන් දෙදෙනා විසින්ම දකුණු අප‍්‍රිකාවට එරෙහිව පළමු කඩුල්ල සඳහා පිහිට වූ ලකුණු 197 ක වාර්තාවයි.