
ලක්ෂ්මන් හුලුගල්ලේ අභාවප්‍රාප්ත වෙයි
ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි නුවර මෙරට කොන්සල් ජනරාල්වරයෙකු ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුලුගල්ලේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
සති 02 කට ආසන්න කාලයක් අසනීප තත්ත්වයක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද අලුයම මියගොස් ඇති බව සඳහන්.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ රජය සමයේ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද ලක්ෂ්මන් හුලුගල්ලේ මහතා කටයුතු කළා.
අනතුරු වත්මන් රජය බලයට පැමිණිමෙන් පසු ඒ මහතා සිඩ්නි නුවර කොන්සල්වරයා ලෙස පත්වීම් ලැබුවා.
ලක්ෂ්මන් හුලුගල්ලේ මහතාගේ දේහය මෙරටට ගෙන ඒමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන්.