ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ දේශනය කොළඹදී. [PHOTOS]

ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ දේශනය කොළඹදී. [PHOTOS]

“දකුණු ආසියාතිකයින්ට සෞභාග්‍ය සම ලෙස බෙදීයාම” යන තේමාව යටතේ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා හා ක‍්‍රමෝපායික උපාය මාර්ගික අධ්‍යයන ආයතනය සංවිධානය කළ ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ දේශනය පසුගිය 03 වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වුණා.

මෙරටට පැමිණ සිටින බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමෙන් මහතා විසින් ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ දේශනය පවත්වනු ලැබීය.

එම අවස්ථාවට සුගන්ධි කදිරගාමර් මැතිණිය මෙන්ම විදේශ අමාත්‍ය අලි සබ්‍රි, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති සංජය රාජරත්නම්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, විදේශ තානාපතිවරු ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා 2005 අගෝස්තු 12 වන දින ඒ මහතාගේ නිවසේදී ඝාතනයට ලක් වූ අතර ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ දේශනය වාර්ෂිකව විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විසින් පවත්වනු ලබයි.

Share This