ලංගමට නව සභාපතිවරයෙක්

ලංගමට නව සභාපතිවරයෙක්

ලංගම නව සභාපතිධුරය සඳහා S.M.D.L.K.D. අල්විස් මහතා පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු වන ඒ මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පත් කර ඇති බව සඳහන්.

ඊට අදාළ පත්වීම් ලිපිය ඇමතිවරයා විසින් නව සභාපතිවරයා වෙත පිරිනැමීම ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශ කාර්යාලයේදී සිදු කෙරුණා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ධුරයට පත් අල්විස් මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු මෙන්ම ප්‍රවාහන අමාත්‍යංශයේ හිටපු ලේකම් වරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

Share This