රුසියාව ත‍්‍රස්තවාදයට අනුග‍්‍රහය දක්වන රටක් ලෙස නම් කෙරේ

රුසියාව ත‍්‍රස්තවාදයට අනුග‍්‍රහය දක්වන රටක් ලෙස නම් කෙරේ

රුසියාව ත‍්‍රස්තවාදයට අනුග‍්‍රහය දක්වන රාජ්‍යයක් ලෙස නම් කිරීමට යුරෝපා පාර්ලිමේන්තුව තීරණය කර තිබෙනවා.

යුක්රේනයට එරෙහිව රුසියාව ගත් හමුදා ක‍්‍රියාමාර්ගය හෙලා දකිමින්, ඊට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කරන සාමාජික රටවල් විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.

එහිදී යෝජනාවට, පක්ෂව රටවල් 58 ක් ඡන්දය ලබාදුන් අතර සාමාජික රටවල් 44 ක් ඡන්දය දීමෙන් වැළැකී සිටියා.

යුක්රේන සිවිල් වැසියන් ඉලක්ක කර ප‍්‍රහාර එල්ල කරන අතර මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති අමු අමුවේ උල්ලංඝනය කරන බවටයි යුරෝපා පාර්ලිමේන්තුව චෝදනා කලේ.

Share This