
රුසියාවේ දී හොඳම නළුවන් වූ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල
රුසියාවේ කසාන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ දී හොඳම නළුවා සම්මාන ද්විත්වයක් හිමි කර ගැනීමට අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනෙකු සමත්ව තිබෙනවා.
ඒ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල යන ප්‍රවීන රංගන ශිල්පීන් දෙදෙනායි.
ටාටස්ථාන් ජනරජයේ අගනුවර දී පසුගිය (11) වැනිදා පැවැති මෙම සම්මාන උළෙලේදී “ද නිව්ස් පේපර්” චිත්‍රපටය නියෝජනය කරමින් චිත්‍ර පටයේ සම නිෂ්පාදක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම සම්මාන ලබාගත්තා.
මාධ්‍ය භාවිතයේ කළු-සුදු දෙඅංශය පිළිබඳව සමාජ කතිකාවක් ගොඩනැගීම අරමුණු කරගනිමින් නිවුස් පේපර් චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා.
සරත් කොතලාවල, කුමාර තිරිමාදුර සම අධ්‍යක්‍ෂණයෙන් හා තිර රචනයෙන් නිර්මාණය වූ මෙම චිත්‍ර පටය පසුගිය වසරේ ජුලි දෙවැනිදා තිරගත කෙරුණා.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ, එච්.ඩී. ප්‍රේමසිරි යන අය විසින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළ අතර ගයත්‍රී කේමදාස සංගීතවත් කළ මෙම චිත්‍රපටය, රුක්මන් නිරෝෂ්ගේ සංස්කරණයක් වනවා.
ධර්මප්‍රිය ඩයස්, පුබුදු චතුරංග, ගිහාන් ප්‍රනාන්දු, ගිරිරාජ් කෞශල්‍ය, ජයලාල් රෝහණ ඇතුළු කලාකරුවන් රැසකගේ රංගක දායකත්වය ද මෙම චිත්‍රපටයට හිමිව තිබෙනවා.
