රුසියානු විදේශ ඇමතිගෙන් බටහිරට යළි අනතුරු ඇඟවීම්

රුසියානු විදේශ ඇමතිගෙන් බටහිරට යළි අනතුරු ඇඟවීම්

තම රට සහ බටහිර නායකයින් සමග පවතින යුද්ධය තවදුරටත් දෙමුහුන් එකක් නොව ‘සැබෑ එකක්‘ බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ යුක්රේනයට පවුම් බිලියන ගණනක් වටිනා ආයුධ යැවීමට ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය ඇතුඵ බටහිර රටවල් ගනු ලැබූ කි‍්‍රයාමාර්ග පිළිබද චෝදනා කරමින්.

සිය දකුණු අපි‍්‍රකානු සංචාරය අතරතුර මාධ්‍ය ඇමතූ රුසියානු විදේශ අමාත්‍යවරයා කියා සිටියේ යුක්රේනයට එරෙහි යුද්ධයේ මුල් කාලයේදී තම රට සමග සාකච්ඡුා කිරීමට එරට බලධාරීන් සූදානම්ව සිටි බවයි.

කෙසේ වෙතත් ඇමෙරිකාව ඇතු`ඵ බටහිර රටවල සහය ලැබීමත් සමග ඔවුන්ගේ උපදෙස් යුක්රේනයට ලැබීම හේතුවෙන් දෙරට අතර යුද්ධය වාර්ධනය වූ බවයි රුසියානු විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර බි‍්‍රතාන්‍යයේ හිටපු අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි හමුවී සාකච්ඡුා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ යුක්රේනයේ කිව් අගනුවරදීයි.

Share This